Sunday, October 3, 2010

ලිංගික අධ්‍යාපන අපේ දරුවන්ටත් ලබා දෙමු


ලිංගික අධ්‍යාපන අපේ දරුවන්ටත් ලබා දෙමු

beyondframe | October 3, 2010 at 4:36 am | Categories: Uncategorized | URL: http://wp.me/plxhT-1ss

අප රට තුළ දිනකට සිදුවන ගබ්සා සංඛ්‍යාව 1000 ඉක්මවන බව සැප්තැම්බර් 29 දා දිවයින පුවත්‍පත වාර්ථා කර තිබිණි. මේ ප්‍රවෘත්තියේ ප්‍රමානවත් මූලාශ්‍ර නැත. එහෙත් ගබ්සා කිරීම් කරන මධ්‍යස්ථාන හොර අරක්කු විකුණන ඒවා තරමටම සුලබ බව නොදන්නේ පොළොවේ පය ගසා නැති මිනිසුන් පමණකි. ඒ නිසාම ඒ ගණන් හිලවු ගැන වාදය පැත්තකින් තබා මේ කාරණයෙන් මතු කරන ගැටලුව දෙස බලමු.

ගබ්සාව නීති විරෝධී ය. ඒ නිසා මේ ගබ්සා සිදුකරන්නේ හොර රහසේ ය. බොහෝ විට හොර වෛද්‍යවරු අතිනි. ඒ නිසාම මියයන මව්වරුද සංඛ්‍යාවෙන් විශාල ය.

මේ සදහා අපේ විද්වතුන්ගෙන් උපදෙස් ඇසුවොත් කියනු ඇත්තේ නීතිවිරෝධී ගබ්සා ද නීති විරෝධී කරන ලෙස ය. මක්නිසා දයත් ඔවුන් දන්නේ සියලු ප්‍රශ්න විසදිය හැකි ඒකායන මාර්ගය නීතියෙන් තහනම් කිරීම බැවිනි.

එය කළ නොහැකි යයි කිව්වොත් ඔවුන් කියනු ඇත්තේ ලිංගික අවයව ලොක් කර යතුරු දමන ලෙස ය. අන්තර්ජාලය මුළුමනින් තහනම් කරන ලෙස ද වීඩියෝ කඩ වසන ලෙස ද තවත් බොහෝ අතුරු යෝජනා ‍ඔවුන්ගෙන් පහළ විය හැකි ය. ඊට අමතරව ලිංගික ක්‍රියා යනු අසම්මජාති පාපකාරී ක්‍රියාවන් ලෙස අර්ථ දක්වා ඒවා ගැරහිය යුතු බව ද ඔවුන් කියනු ඇත්තේ ය. සමහරවිට දරුවන් ආගමට වඩ වඩාත් නැඹුරු කළ යුතු යයි අවවාද ද දෙනු ඇත්තේ ය.

ඒත් ඒ සියල්ල මේ තත්වය පාලනය කිරීමට හේතු වනු ඇත් ද යන්න අපට නම් ප්‍රශ්නයකි. අප ඒවා හරහා කරන්නේ උඩුගං බලා පිහිනීම බැවිනි. එය අමාරු ය. ඊට අමතරව විශේ‍ෂයෙන් සහජයෙන්ම වේගයක් ලබා ඇති ගගක එසේ පිහිනීම මෝඩකමක් ද වෙයි. අප එසේ කියන්නේ ලිංගික ‍පෙළඹවීම් අතිශයන්ම ස්වභාවික කාරණයක් ලෙස මෙන්ම අතිශය ප්‍රබල සත්ව අවශ්‍යතාවයක් නිසි උපත ලබන දෙයක් ද ලෙස අප සළකන බැවිනි.

ඒ පුවත්පතේම (සැප් 29 දා දිවයින) තිබුණු තවත් ප්‍රවෘත්තියකින් කියවුනේ ශ්‍රී ලාංකික දරුවන් 44 දෙනෙකුට අම්මලාගෙන් ඒඩ්ස් වැළදී ඇති බව ය.

අප මීට ඉහත දී වාර්ථා කළේ මේ රටේ ගණිකාවන් පමණක් 47000 ක් ඉන්නා බව ය. සැප්තැම්බර් 28 දා පළවූ ප්‍රවෘත්තියකින් කියා තිබුනේ තරුණියන් තිදෙනෙක් මාතර පැත්තේ තැන් තුනක දී පැහැර ගෙන ගොස් ඇති බව ය.

මේ සියල්ල දකින විට අපට නම් සිතෙන්නේ අප රටේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් මීට වඩා නිදහස් හා විවෘත සංවාදයක් ඇති කළ යුතු බව ය. ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා දිය යුතු බව ය.

ඒ සමගම ගබ්සාවන් නීත්‍යානුකූලව කිරිමේ ඉඩකඩ ගැන සොයා බැලිය යුතු බව ය. අඩුවශයෙන් ඒ සදහා දැනට පවතින දැඩී නීති ලිහිල් කළ යුතු බව ය. එවිට අඩුවශයෙන් ඒ ආයතන හරහා සිදුවන සූරාකෑම ද අතිශයින් දරුණු වද හිංසා ද නිරපරාද මරණයන් ද පාලනය කළ හැකි බැවිනි. ඒ හරහාම මේ තත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බුද්ධිමය මැදිහත්වීමකට ඉඩ සළසා ගත හැකි බැවිනි.

දැනුවත් එමෙන්ම බලාත්මක කරන ලද දරුවන් වඩා මේරුණු විදිහකට තම ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගනු ඇතැයි ද ඒ නිසා අමාරුවේ නොවැටෙනු ඇතැයි ද අපි සිතමු. එසේ අමාරුවේ වැටුනු විටක පවා තව දුරටත් ගැඹුරු අගාධයකට ඔවුන් තල්ලු නොකර බේරා ගත හැකි වෙතැයි ද අපි සිතමු.

Add a comment to this post

      

Trouble clicking? Copy and paste this URL into your browser: http://subscribe.wordpress.com


No comments:

Post a Comment

Secular Sri Lanka Post News Headlines

Secular News Daily