Sunday, January 16, 2011

FW: [New post] නිර්-ආගමිකයන් පොරවල් වීම.


Message body

නිර්-ආගමිකයන් පොරවල් වීම.

dawkinssdodo | January 16, 2011 at 12:40 pm | Categories: Uncategorized | URL: http://wp.me/pw984-3x

අවුරුදු සියයක් හමාරකට පෙර "නිර්-ආගමිකයන්" යනු සුලුතරයක් පමනක් නෙවෙයි, ප්‍රධාන සමාජ දහරාවෙන් පිටමන් කරනු ලැබු කොන් කරනු ලැබූ පිරිසක්. සමහර විට නිර්-ආගමිකයන් වීම නිසා ජීවිතයෙන් වන්දිගෙවීමට පවා සිදු වුනා. වර්තමානයේදී නිර්-ආගමිකත්වය එතරම් ප්‍රති විරෝධයක් ඇති නොකරන, ඇතැම් ජනසමූහ වල ප්‍රධාන දැක්ම බවට පත්වු එකක්.
නව සහශ්‍රයේ නම් නිර්-ආගමිකයන් අති බහුල සමාජ සංරචකයක්. කොටින්ම එක් වෙබ් අඩවියක් ජනප්‍රිය, ප්‍රසිද්ධ, කීර්තිමත් නිර්-ආගමිකයන් වෙනුවෙන්ම තැනූවක්. කීර්තිමත් නිර්-ආගමිකයන් විවිධ ක්ශේත්‍ර වල විස්කම් දස්කම් දැක්වූ මාක් සුකෙර්බ'ග් (Facebook), ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් (ප්‍රංශ පාපැදි සවාරිය පිට පිට සත් අවස්ථාවක් ජයග්‍රහණය කර ඇත ) සහ ජෝඩි ෆොස්ට'(සුප්‍රසිද්ධ නිළිය) වැනි පුළුල් පරාසයක් නියෝජනය කරනවා. එහෙත් මින් බොහෝ දෙනෙක් යම් බලපෑමක් කල හැකි නිර්-ආගමිකයන් අතරට නොවැටෙන්නේ, බොහෝ නිර්-ආගමිකයන් මෙන් ඔවුන් තම නිර්-ආගමිකත්වය මහ ලොකු "බක්කක්" ලෙස නොසැලකීම නිසායි. දෙවියන්ගෙන් තොර ඔවුන්ගේ ජීවිත ඔවුන් සතුටින් ගෙවා දමන්නේ දෙවියන් සමඟ ජීවත් වන අයට ඔවුන්ගේ සතුට විඳගන්නට ඉඩදෙමින්.
තාමත් අප අතර සිටින, බලපුලුවන්කාර නිර්-ආගමිකයන්ගේ සුපිරි-ප්‍රාඥ ලැයිස්තුවට ඇතුලත් වීමට නම් දෙවියන් ප්‍රතික්ශේප කිරීම පමණක් ප්‍රමානවත් නැහැ, සක්‍රීයව මැදිහත් වී අන් අයත් දෙවියන් ඇදහීමෙන් ගලවා ගත යුතුයි. උදාහරණයක් ලෙස "බුල්ශිට්" රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන බිල් මාහර් සහ පෙන් ඇන්ඩ් ටෙලර් නිර්-ආගමිකත්වය ප්‍රචලිත කිරීමට යොදාගන්නේ ඔවුන්ගේ විනොදාත්මක බවයි. එය "ජනප්‍රිය" ක්‍රමවේදයක් විනා උගත්, තර්කානුකූල මතවාදයක් දෙවියන්ට එරෙහිව, නිර්-ආගමිකත්වය වෙනුවෙන් ගොඩනැගීමක් නොවේ.
සෑබැ සක්‍රීය නිර්-ආගමිකයන්ගේ ලැයිස්තුවට ඇතුලත්වීමට නම් නිර්-ආගමිකත්වය ප්‍රචලිත කිරීමෙන් නොනැවතී උගත් මතවාද ඇසුරින් විද්වත් ලෙස නිර්-ආගමිකත්වය වෙනුවෙන් මතයක් ගොඩනැගීමට දායක වි යුතුයි. අන්න එවැන්නෙක් නිර්-ආගමික සුපිරි ප්‍රාඥයෙක් ලෙස හැඳින්විය හැකියි. ඔවුන් තම තම ක්ශේත්‍ර වල කැපී පෙනෙන උගතුන්. ඒ විද්වත් බව නිශ්චිතවම නිර්-ආගමිකත්වය ප්‍රචලිත කරන්නට හෝ දෙවියන් යනු තවුරු කල නොහැකි මනඃකල්පිතයක් බව පෙන්වන්නට යොදාගත් කීර්තිමත් පුද්ගලයින්.
එවැනි පුද්ගලයින් 25 දෙනෙකු superscholar.org ජාලය විසින් නම් කර තිබෙනවා. ඉදිරියේදී ඔවුන් පිලිබඳ විස්තර ගෙන එන්නයි ඩෝඩෝ ගේ අදිටන.

Add a comment to this post


WordPress WordPress.com | Thanks for flying with WordPress!
Manage Subscriptions | Unsubscribe | Express yourself. Start a blog.

Trouble clicking? Copy and paste this URL into your browser: http://subscribe.wordpress.com

No comments:

Post a Comment

Secular Sri Lanka Post News Headlines

Secular News Daily