හෙනා බෙගුම් ට වයස අවුරුදු 14 යි. ඇය විවාහක ඥාතියෙක් සමග මිත්රවී ඇතැයි ආරංචියක් පැතිර ගියා. ඕපාදුපයක්. ගමේ පිරිසක් හෙනාව අල්ලාගෙන ඉස්ලාම් පුජකයා ඉදිරියට ගෙනගියා. මෙලෝ අධ්යාපනයක් නැති පුජකයා නඩුව අසා හෙනා වරදකාරිය යයි තීරණය කර ඇයට කස පහර 80 ක් නියම කළා. පිරිමි කිහිප දෙනෙක් ලහි ලහියේ වේවැල් හත අටක් එකට බැද පහර දෙන වේවැල හැදුවා. ඉන්පසු හෙනාව මුනින් අතර තියාගත් පිරිමි ඇයව තදකරගත්තා. හැඩිදැඩි පිරිමි කිහිප දෙනෙක්ම මාරුවෙන් මාරුවට හෙනාට තැලූවා. මෙම ක්රියාව ඉවර වෙද්දි ඇයගේ තට්ටම් කලවා සහ කකුල් හැම තැනකම හම ගැලවී කැඞී මස් පොඩිවී ලේ හා ඉස්ම ගලමින් තිබුණා. හනාව අදුනාගන්ඩත් බැරි විදිහට ඇයගේ ස්වරූපය වෙනස් වෙලා තිබුණා. අසරණ දෙමව්පියෝ සිහිසන් නැතිව සිටි සිය දියණිය රැුගෙන ආරෝග්යශාලාවට ගෙනගිය නමුත් හෙනා මියගියා. හෙනාව මරා දැමිමේ සිද්ධිය යටතේ නඩුව ඇසු ඉස්ලාම් පුජකයා ඇතුලූ පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තියෙනව. මේ පිළිබද විශේෂ බිබීසී වාර්තාවFour arrested after Bangladesh girl 'lashed to death'
බංගාලදේශයේ ජනගහණයෙන් සියයට අනුවක්ම ඉස්ලාම් ආගමිකයෝ වෙති. ෂාරියාර් නීතිය ගම්බද පලාත්වල තදින්ම ක්රියාත්මක වේ. පසුගිය මාසයේත් සුෆියා බෙගම් නැමැති වැඩිහිටි කාන්තාවකට වේවැල් පහර 40 දි මරා දමා තිබේ. මේ ප්රසිද්ධ වෙන මරණ පමණයි. ප්රසිද්ධ නොවන කාන්තා මරණ ප්රමාණයක් නැහැ.
බංගාලි දේශයේ මුස්ලිම් කාන්තාව හරිම අසරණයි. ඔවුන්ට කිසිම ගැලවුමක් නැහැ. බොහොමයක් පිරිමි කාන්තාව මනුෂ්යයෙක් විදිහට පිළිගන්නෙ නැහැ. අවුරුදු දහය දොළහ වයස දැරියන් වයස පනහ හැට මිනිස්සු විවාහකර ගැනීම සිමාන්ය දෙයක්. පුරුෂයෙකුට භාර්යාවන් 4 ක් තියාගන්ඩ නිතියෙන් ඉඩ තියෙනව.
ආතාවුද සෙනවිරත්න ඇමතිවරයා ලංකාවේ ඉදිකරගෙන යන ඉස්ලාම් උසාවි නිසා ඉදිරි කාලයේදි ලංකාවේත් මෙවැනි බිහිසුණු ක්රියා අසන්ට ලැබෙනු සිකුරුයි. ෂාරියාර් නීතිය හා ඉස්ලාම් උසාවි දැන් ලංකාවේ පිහිටුවා අවසානයි. අයි ටී එන් ප්රවෘත්ති වාර්තාවQuazi Courts to operate in Sri Lanka
No comments:
Post a Comment