Pages

Sunday, March 27, 2011

නවක වධයට ලක්‌වූ පළමු වසර ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමක්‌ අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ

බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලය දින නියමයකින් තොරව වැසේ..

buddhist-monksඅනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය ඊයේ(22) දින නියමයකින් තොරව වසාදමා ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. එහි සියලු ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට සවස 3 ට පෙර විශ්වවිද්‍යාලයෙන් පිටවන ලෙස විශ්වවිද්‍යාල පරිපාලනය නියෝගයක්‌ කර ඇත. නවකවධ සිද්ධියක්‌ මුල් කරගෙන මෙම විශ්වවිද්‍යාලය වසා දමා ඇති අතර නවක වධයට ලක්‌වූ පළමු වසර ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමක්‌ අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මේ නවකවධ සිද්ධිය පිළිබඳ අනුරාධපුර පොලිසිය ද වෙනම පරීක්‍ෂණයක්‌ අරඹා ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

No comments:

Post a Comment