Thursday, December 15, 2011

ආගම ප‍්‍රචාරය කළ මෝල්ටාවේ ඇමෙරිකානු තානාපති ඉල්ලා අස්වෙයි

රාජ්‍ය තාන්ති‍්‍රක කටයුතුවලට ප‍්‍රමුඛත්වය නොදී කතෝලික ආගම ප‍්‍රචාරය කිරීමේ යෙදුණු මෝල්ටාවේ සිටින ඇමෙරිකානු තානාපති ඩග්ලස් කමික් මහතා එහි වගකීම භාරගෙන ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි. ඇමෙරිකාවේ කතෝලික විශ්ව විද්‍යාලයේ හිටපු පීඨාධිපතිවරයෙකු වූ ඩග්ලස් කමික් මහතා මෝල්ටාවේ තානාපතිවරයා වශයෙන් පත් කරනු ලැබූයේ 2009 වසරේදීය.
නිල නොවන මට්ටමින් ආගම ප‍්‍රචාරය කිරීම සඳහා ලිපිලේඛණ සැකසීම සඳහා ඔහු දවසකට පැය කිහිපයක් ගතකර ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අගෝස්තු 15 වැනිදා තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති බැරක් ඔබාමාට යැවූ ලිපියක ඔහු සඳහන් කොට ඇත.
- LNR

No comments:

Post a Comment

Secular Sri Lanka Post News Headlines

Secular News Daily