ආගම හා රජය-Religion & State
මීට වසරකට පමණ පෙර සබරගමු ආණ්ඩුකාර විජමු ලොකු බණ්ඩාර , පලාතේ රාජ්‍ය සේවකයින් උදේ අටට පෙර සේවාස්ථානයට පැමිණ පන්සිල් ගතයුතු යැයිද ,පෝයට පන්සල් නොගියහොත් වැටු වර්ධක නොදෙන්නේ යැයිද ගුරුවරුන් හා සිසුන් සෑම පෝයකටම පන්සිල් ගත යුතු යැයිද ආදිවශයෙන් වූ නොයෙක් නීති පනවන බවට දෙඩෙව්වේය.අප සිතුවේ රාජපක්ෂ පවුලේ අනෙකුත් අන්තේවාසිකයන් කරන පරිදි මෙයත් හුදෙක් ලකුණු ටිකක් දමා ගැනීම සඳහා කරන ප්‍රකාශයක් පමණක් බවයි.
එහෙත් අද දින රාවය පුවත් පතේ සඳහන් වන පරිදි එය එසේ නොවේ.
සබරගමු පලාතේ රාජ්‍ය සේවකයින්ට වාර්ෂික වැටුප් වර්ධක ලබා දීමේදී ඔහු හෝ ඇය පන්සල් ගියාදැයි බැලෙනු ඇත. මෙසේ කියා ඇත්තේ දේශපාලකයෙක් නොව පලාතේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන ප්‍රධාන ලේකම් වරයාය.
ඔහු කියන පරිදි යමෙකු පෝයට පන්සල් නොගියහොත් එසේ කිරීමට නීතියක් නැතත් , වැටුප් වර්ධක අහිමි වනු ඇත.එසේම පෝය දිනයේදී කරන රාජකාරි වලට අතිකාල දීමනා නොගෙවන බවද ඔහු කියයි.
මේ අමන දේශපාලකයින් හා මොට්ට නිලධාරින් කියන පරිදි ක්‍රිස්තියානි, මුස්ලිම් , හා හින්දු භක්තිකයන්ද පෝයට පන්සල් යා යුතුද? නැතිනම් මෙලෙස ආගම ඇදැහීම ගැන නීතියට යටත් වන්නේ බෞද්ධ සේවකයෛන් පමණක්ද?එසේ නම් එය ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.
මෙහිදී මතුවන අනිත් ප්‍රශ්නය නම් කෙනෙකු බෞද්ධයෙක් නම් ඔහුගේ ආගමික වතාවත් කිරීමට අනිවාර්යෙන්ම පන්සල් යා යුතුද යන්නයි. යමෙකු ආගමක් අදහන විදිය තීරණය කිරීමට තමන්ට හැකි යැයි මේ මොට්ටයින්ට සිතා සිටින්නේ ඔවුන් බුදු හාමුදුරුවන්ටත් වඩා ලොක්කන් නිසා විය යුතුය. අප දන්නා බුදු දහමේ නම් මෙවැනි අමන නීතී නැත. මෙවැනි නීති ඇත්තේ තලේබාන් රාජ්‍යයන් වල පමණි. විජමුලාගෙ අරමුණ ශ්‍රී ලංකාව තුල බෞද්ධ තලේබාන් රාජ්‍යයක් බිහි කිරීමයි.
මේ නීතිය අනුව ඇටමැස්සා සබරගමු පලාතේ රාජ්‍යසේවකයෙක්ව සිටියේනම් ඔහුට කිසිදාක වැටුප් වැඩි වීම් නොලැබෙනු ඇත. මක් නිසා යත් ඔහු කිසි ආගමක් නො අදහන්නෙකු බැවිනි. උපතින් බෞද්ධයෙක් වූවත් , දැනුම් තේරුම් ඇති වයසට එන විට , ආගම් වලින් මිනිසුන්ට වන්නේ හොඳකට වඩා නරකක් බව අවබෝධ වීම තුල ඔහු සම්පූර්ණයෙන්ම ආනාගාමිකයෙක් විය.
මිනිසෙකුට කැමති ආගමක් ඇදහීමට මෙන්ම ආගමක් අදහා නොසිටීමේ අයිතියද තිබිය යුතුය. එය මිනිසාගේ මූලික අයිතියකි. එය අහිමි කිරීමට අමන දේශපාපාලුවන්ටවත් ඔවුන්ගේ පස්සේ යමින් ගොං පස් අල්ලන තකතිරු නිලධාරින්ටවත් ඉඩ දිය යුතු නැත.
මෙවැනි මෝඩ තීරණ සඳහා ඔවුන් යොමු කරන එක් සාධකයක් වනුයේ ශ්‍රී ලංකාවේ ආගම හා රජය අතර සම්බන්දයයි. එනම් බුද්ධාගම ශ්‍රී ලංකාවේ රාජ්‍යාගම යනුවෙන් නීතිගත වීමයි. මේ තත්වය වෙනස් කල යුතුය. රාජ්‍යාගම් අවශ්‍ය නැත. ආගම හා රජය වෙන් කල යුතුය.
බුද්ධාගම ඇතුලු සෑම ආගමකටම දී ඇති වරප්‍රසාද ඉවත් කල යුතුය.එක් ආගමකට අනෙකට වඩා වරප්‍රසාද නොතිබිය යුතුය. ඒ අතරම කැමති කෙනෙකුට කැමති ආගමක් ඇදහීමේ නිදහස මෙන්ම ආගමක් නො අදහා සිටීමේ නිදහස ද ලබා දිය යුතුය. ආගමික උම්මත්තකයින්ගෙන් පිරි තලේබාන් රාජ්‍යයක් බිහි වීම වලක්වා ගත හැක්කේ එලෙසය
No comments:
Post a Comment